Tuesday, June 27, 2023

ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට ආකර්ෂණ නීතිය (low of attraction) පාවිච්චි කරන්නේ මෙහෙමයි.



ජීවිතය කියන්නේ පුදුම දෙයක්. ඉපදීමේ ඉදලා මියයන මොහොත දක්වාම අපි උත්සාහ කරන්නේ අපි අපිවම ජීවත් කරවන්න. ජීවිතේට දේවල් ලබා ගන්න. ජීවිත කාලය තුළ අප ප්‍රාර්ථනා කරන හැම දෙයක්ම ලබා ගන්න උත්සාහ කරනවා. ලැබීම තුළින් සතුටත් නොලැබීම තුළින් දුකත් ජීවිතයට ළගා කර ගන්නවා. මුළු ජීවිත කාලය තුළම සතුටින් ජීවත් වෙන්නේ කොහොම ද?, ජීවිතයට හොද දේවල් ලගා කරගන්නේ කොහොම ද? මේ හැමදෙයක්ම තීරණය වෙන්නේ තමන් තුළ ඇති කර ගන්නා ධනාත්මක සිතුවිලි තුළිනි. අපේ සාර්ථකත්වයට බාධා ඇති කරගන්නේ අපේම සිතුවිලි නිසයි. නමුත් සෑම වෙලාවේදීම තමන් තමන් පිළිබඳව සුභවාදීව ,ධනාත්මකව සිතීමට පුරුදු වීම තුළින් තමන්ගේ ජීවිතය ඉතා පහසුවෙන් සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේවි.
ආකර්ෂණ නීතිය තුළින් ඔබේ ජීවිතය සාර්ථක කර ගන්නේ කොහොමද? 

1. තමන් තමන්ට ආදරය කිරීමට පටන් ගන්න.සෑම විටම මම දක්ෂයි,මම සාර්ථක යි, මට පුළුවන් කියන සුභවාදී සිතුවිලි ඇති කර ගන්න. ඒ සදහා භාවනාව ප්‍රගුන කරන්න. ජීවිතය පිළිබදව අවබෝධ කර ගන්න. ඔයාගේ මනස අවුල් කරන දේඑඅල් වලට ළගා වීමට ඉඩ නොතබා හැකි තාක් ධනාත්මක සිතුවිලි තුළින් ජීවත් වීමට උත්සාහ කරන්න. 

2. ඔබට අවශ්‍ය දේ පිළිබඳව දැඩි විශ්වාසයකින් ජීවත් වෙන්න. ඔයාගේ අරමුණ මොකක්ද කියන දේ ගැන සෑම විටම ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න. හිතන්න ඔයා විභාගයකට මුහුණ දෙන්න සූදනම් වෙනවා කියලා. එතකොට ඔයා හැම වෙලාවෙම මට මේ දේ කරන්න පුලුවන් කියන ආත්ම විශ්වාසය ඇති කරගන්න උත්සාහ කරන්න ඕන. ඔයාගේ ඉලක්කය ගැන කිසිම සැකයක් තියෙන්න බැහැ. ඔයාගේ මනසේ ඇති සිතුවිලි වලින් විශ්වයට පණිවිඩයක් යවන බව තේරුම් ගන්න. විශ්වය ප්‍රතිචාර දක්වන්නේ ශක්තිමත් තරංග වලට පමණයි. ඔයාගේ සිතුවිලි ගැන ඔයා තුළම විශ්වාසයක් නැත්නම් විශ්වය ඒ වගේ දුර්වල තරංග වලට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. 

3. සෑම විටම ඔයාට ළගා කර ගැනීමට අවශ්‍ය දෙය දැනටමත් ඔයාට ලැබීලා තියෙනවා කියන හැගීම හැම වෙලාවකම තමන් තුළින් මතු කිරීමට උත්සාහ කරන්න. ඔයාට අවශ්‍ය දේ දැනටමත් ලැබී ඇති අකාරය මනසින් දකින්න. ඒ දේවල් ලබා දීම පිළිබඳව විශ්වයට ස්තූති කරන්න. ඒ සතුට විඳින්න. 

4. තමන්ගේ මනසට සැහැල්ලුවක් දෙන දේවල් තමා වෙත ළගා කර ගැනීමට උත්සාහ කරන්න. තමන්ගේ අරමුණු ඉලක්ක වලට යන්න බාධාවන සිතුවිලි, තමන්ට මානසික වශයෙන් පීඩනයක් ගෙන දෙන පුගලයින්ගෙන් වගේම, ඍණාතමකව සිතුවිලි සහිත පුද්ගලයින්ගෙන් ඈත් වීමට උත්සාහ කරන්න. අනෙකාගේ නෙත සිත පිනවීමට නොව තමාගේ ආත්ම තෘප්තිය උදෙසා ජීවත් වෙන්න. තමන් අදින ඇදුම තමන්ගේ රූපය ගැන තමන් තුළ සුභවාදී චින්තනයක් ඇති කරගන්න. තමන් අදින පළදින විදිහ, හැසිරෙන විදිහ තමන්ට හොදයි කියලා දැනෙනවා නම්, බාහිර කතා වලට වහල් නොවී ඔබේ ජීවිතය නිදහසේ ගත කරන්න. තමන්ව පහත් කරන, තමන්ගේ සිතුවිලි වලට අගයක් නොදෙන පුද්ගලයින්ගෙන් ඈත්වී, තමාගේ සිතට සතුටක් ගෙන දෙන සෑම යහපත් දෙයක්ම කිරීමට උත්සාහ කරන්න. නිතරම සිතට සතුටක් ගෙන දෙන පුද්ගලයින් මෙන්ම සෑම විටම ඔබ වටේ සිටින පුද්ගලයින් වෙනුවෙන් යහපත් සිතුවිලි බෙදා හරින්නට උත්සාහ කරන්න. 

5. ඔයාගේ සාර්ථකත්වයට මාර්ගෝපදේශකයා ඔබම වීමට උත්සාහ කරන්න. අතීතයේ සිදුවීම් පිළිබඳව කම්පා නොවී, වර්තමානය තුළින් අනාගතය සදහා කැප වෙන්න. අපේ ජීවිතයේ යම් පුද්ගලයෙක් හෝ සිදුවීමක් හෝ දෙයක් ගැන ඇති අමිහිරි මතක වලින් ඈත් වී තමා වටා කරුණාව, පරාර්ථකාමීත්වය වපුරන්නට උත්සාහ කරන්න. 

තමන්ගේ ජීවිතය සාර්ථක කර ගත හැක්කේ තමන් තුළින් ම ඇති කර ගන්නා සුභවාදී අදහස් තුළිනි. ඔබ ඔබ ගැනම විශ්වාස කරන්නට පටන් ගන්න. හරි දේ කරන්න! නිහතමානී වෙන්න ! ගෞරව කරන්න! තමන්ගේ සතුටට කැමැත්තට ඉඩ දෙන්න. ඔබේ මනස සෑම විටම ධනාත්මක සිතුවිලි වලින් පෝෂණය කරන්න. එවිට ඔබට ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙයි.







11 comments:

ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට ආකර්ෂණ නීතිය (low of attraction) පාවිච්චි කරන්නේ මෙහෙමයි.

ජීවිතය කියන්නේ පුදුම දෙයක්. ඉපදීමේ ඉදලා මියයන මොහොත දක්වාම අපි උත්සාහ කරන්නේ අපි අපිවම ජීවත් කරවන්න. ජීවිතේට දේවල් ලබා ගන්න. ජීවිත කාලය තුළ ...