Tuesday, May 30, 2023

තාවකාලික වූ මේ සොදුරු ජීවිතය තුළ සතුට රැදී ඇත්තේ ඔබ ලෝකය දෙස බලන ආකාරය අනුවය.

ඔබ තුළ සිටින ඔබ අවදි කරන්නට උත්සාහ කරන්න. තමන් තුළින් තමන් දකින්නට තමන් මෙන්ම අනෙකා පිළිබඳව ධනාත්මක සිතුවිලි වර්ධනය කිරීමට උත්සාහ කරන්න.




විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ මොකක්ද?
 

ආගම්, ජාති, වයස් භේද නොසළකා අපි හැමෝම මේ විශ්වය පාලනය කරනු ලබන නීති වලට යටත් වේ. එනම් මේ සමස්ත විශ්වයම පාලනය කරනු ලබන ඇසට නොපෙනෙන නීති සමුදායක් විය. ඒ නීති සෑම එකක්ම මේ ලෝකයෙහි ජීවත්වන සෑම ජීවියෙකුටම එක හා සමානය. ඉතින් මේ විශ්වය පාලනය කරන නීතීන් අතරින් එක නීතියක් තමයි law of attraction නැතහොත් විශ්වයේ ආකර්ශනීය නීතිය. මේ නීතියට අනුව කටයුතු කළොත් තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් ඉතාමත් පහසුවෙන් ම තමන් වෙත ළඟා කර ගැනීමේ ශක්තිය පවතී. මේ Law of Attraction කියන සිද්ධාන්තයේ සැබෑ ගැඹුර මොන වගේ ද යන්න ගැන අවබෝධය ඇති පිරිස බොහෝ අඩුයි. නමුත් එය දැනගෙන සිටීම තුළින් ඔබ සෑම දෙනාටම බොහෝ ප්‍රයෝජන ලබාගත හැකියි. කෙසේ වෙත් හෝ අප දැන හෝ නැත නොදැන අප ගෙවන මේ හැම තත්පරයකම හොඳ හෝ නරක මේ විශ්වයට මුදා හරිනවා. ආකර්ෂණ නීතිය තුළ අප විසින් ඇති කර ගන්න ඇති කර ගන්න සිතුවිලි පවා අපිට හොඳ හෝ නරක ආකර්ෂණය කිරීමට බලපාන ලබනවා.

මේ විශ්වයේ ආකර්ශන ආකර්ශණ පිළිබඳ නීතිය වසර දහස් ගණනකට කලින් විශ්වීය නීතිය පිළිබඳව ඉගැන්වූ පළමු ශාස්තෘවරයා ලෙස බුදුරජාණන් වහන්සේ හැඳින්වෙයි. අප සිතන පතන දේ අනුව ප්‍ අපේ ජීවිතය ගත කරන්නට සිදු වේ. මෙම සංකල්පය බටහිර සංස්කෘතිය තුළට පැමිණීමත් සමග එය කර්ම (Karma) යන නමින් ලෝකයේ ප්‍රචලිත විය. 

මෙලොව වෙසෙන කිසිවෙක් දුර්වල නැත.. පහත් නැත ඒ සියල්ලම පාලනය කරනු ලබන්නේ මනස යි. මේ මනස තුළ යහපත් සිතුවිලි, ධනාත්මක සිතුවිලි වර්ධනය කිරීමට නිතර උත්සාහ කළ යුතුය. මෙවැනි සුබවාදී ආකල්ප, ක්‍රියාශීලී බව, ආදරය වැනි දේවල් අපේ ජීවිතයට සුබවාදී ප්‍රතිඵල ආකර්ෂණය කර දෙයි. මේ නිසා සෑම විටම තමන්ගේ මනස තුළ ධනාත්මක සිතුවිලි රෝපණය කරන්නට උත්සාහ කරන්න. ඒ තුළින් ඔබට ඔබ විසින් ප්‍රාර්ථනා කරනු ලබන සෑම දෙයක්ම ඉතාමත් පහසුවෙන් තමන්ගේ ජීවිතයට ආකර්ෂණය කර ගැනීමේ හැකියාව ලැබෙයි.

10 comments:

ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට ආකර්ෂණ නීතිය (low of attraction) පාවිච්චි කරන්නේ මෙහෙමයි.

ජීවිතය කියන්නේ පුදුම දෙයක්. ඉපදීමේ ඉදලා මියයන මොහොත දක්වාම අපි උත්සාහ කරන්නේ අපි අපිවම ජීවත් කරවන්න. ජීවිතේට දේවල් ලබා ගන්න. ජීවිත කාලය තුළ ...